News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
7

විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ මේ දක්වා පැවැත්වුණු තරගාවලියන් හි නිල ලාංජනයන් මෙන්න

704 Views


විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ මේ දක්වා පැවැත්වුණු තරගාවලියන් හි නිල ලාංජනයන්  මෙන්න

අයිසීසී ලෝක කුසලාන විස්සයි20 තරගාවලිය ක්‍රිකට් ක්‍රීඩාවෙහි පාලන අධිකාරිය වන, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) විසින් සංවිධානය කෙරෙන අතර මේ වසරේද මෙම තරගාවලිය මේ මාසයේ ආරම්භ වීමට සියලු කටයුතු සුදානම්,

අද අපි කතා කරන්නේ 2007 වසරේ සිට මේ දක්වා කාලය තුළ ලෝක කුසලාන තරගාවලි සදහා නිර්මාණය කෙරුණු නිල ලාංඡනයන් පිලිබදව සොයා බැලීමටයි.

අන්තර්ජාතික ක්‍රිකට් වංශකතාවේ නව පරිච්චේදයක ඇරඹුමක් ලෙස පන්දුවාර 20-20 ක්‍රිකට් තරඟ සඳහා ලෝක කුසලාන තරඟාවලිය වර්ෂ 2007 දී දකුණු අප්‍රිකාවේදී පළමුවරට පවත්වන ලදී. ලෝ වටා විසිරී සිටින ක්‍රිකට් ලෝලීන් හට නවමු අත්දැකීමක් ලබාදෙමින් මෙම තරඟාවලිය 2007 සැප්තැම්බර් 11 සිට 24 දින දක්වා දකුණු අප්‍රිකානු ක්‍රීඩාංගන 3ක පැවැත්වුණ අතර මෙම තරගාවලියේ නිල ලාංජනය පහත පරිදි වේ..

This image has an empty alt attribute; its file name is image-13.png

20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ දෙවන තරගාවලිය 2009[1] ජුනි මස එංගලන්තයේදී පවත්වන ලදී. එහි නිල ලාංජනය වන්නේ,

File:2009 ICC World Twenty20 logo.svg

20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ තෙවන තරගාවලිය 2010[1] අප්‍රේල් 30 සිට මැයි 16 දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පවත්වන ලදී. එහි නිල ලාංජනය නම්,

This image has an empty alt attribute; its file name is 2010T20WorldCupLogo.jpg

ආසියානු මහාද්වීපයේ පවත්වනු ලබන පළමුවන 20-20 ලෝක කුසලාන තරඟාවලිය 2012 දී ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු අතර, එහි නිල ලාංජනය වන්නේ ,

This image has an empty alt attribute; its file name is image-9.png

2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය යනු, පස්වන අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය වන අතර, එය බංග්ලාදේශයේ, [2] 2014 මාර්තු 16 දින සිට අප්‍රේල් 6 දක්වා පැවැත්වූ ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරගාවලියකි.

This image has an empty alt attribute; its file name is image-10.png

2016 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය, ලෝක විස්සයි20 ක්‍රිකට් තරඟාවලියේ සයවන තරඟාවලියයි. ඉන්දියාව මෙම තරගාවලියේ සත්කාරකත්වය දරනු ලැබුවා

This image has an empty alt attribute; its file name is image-11.png

මේ වසරේ පැවැත්වෙන අයිසීසී ලෝක කුසලාන විස්සයි20 තරගාවලියේ නිල ලාංජනය එළි දක්වා තිබෙනවා..එය පහත පරිදි වේ,

This image has an empty alt attribute; its file name is image.jpeg

මෙවර ලෝක කුසලාන තරගාවලියේ නිල විකාශන අයිතිය සියත අප නාලිකාවට හිමිව තිබෙන අතර ක්‍රිකට් ක්‍රීඩා ලෝලී ඔබ සජීවී තරග අත්දැකීම් විදගන්න රැදෙන්න සියත TV සමගින්..


News Articles
Latest Videos
Most Popular Post