News Line| Off Air
Generic placeholder image

Oct
13

දිවයිනට පැමිණි යොහානි කියූ දේ

701 Views


දිවයිනට පැමිණි යොහානි කියූ දේ

ඉන්දීය සංගීත ප්‍රසංග දෙකකට සහභගි වීම සදහා ඉකුත් දා දිවයිනෙන් පිටව ගිය යොහානි සති දෙකක කාලයකින් පසු ඊයේ රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙහිදී ඇයව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර එහිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඇය සදහන් කලේ, “ඉදිරි බලාපොරොත්තු රැසක් තියෙනවා. පළමුවෙන් ම මගේ ඇල්බම් එක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකේ කටයුතු කරගෙන යනවා. ඇල්බම් එක මෙහෙ කරන්නේ. සිංදු 12 ම සිංහලවලින් කරලා තියෙන්නේ. ඒකේ ගොඩක් කටයුතු ඉවරයි දැන් වෙනකොට. ඒ වුණාට තව ටිකක් තියෙනවා ඒවා ලංකාවේ ඇතුළේම කරනවා.

මෙහිදී ජනප්‍රියත්වය හරහා දේශපාලනයට එනව ද? යන්නෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ..” නෑ. මම ආටිස් කෙනෙක්. තවම සංගීත ක්ෂේත්‍රය හදාරන කෙනෙක්. ඒ මට ඇති.” යනුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post