News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

කොළඹ දිස්ත්‍රික්කයේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම ලබන සිකුරාදා

696 Views


කොළඹ දිස්ත්‍රික්කයේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම ලබන සිකුරාදා

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන කලාප වල උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම ලබන සිකුරාදා ආරම්භ කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.

මේ පිලිබදව වැඩි දුරටත් සදහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශ, අතිරේක ලේකම්, එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසුවේ, “අපොස උසස් පෙළ විභාගයට එක සැරයක් පෙනී සිටි දරුවන්ටත් ප්‍රථම වතාවට දැන් පෙනී ඉන්න දරුවන්ටත් තමයි මේ එන්නත අපි ලබාදෙන්න බලාපොරොත්තු වෙන්නේ. ලබන සුමානෙන් පටන් ගන්න ඉස්සෙල්ලා 15 වෙනිදා පටන් ගන්නවා. කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල. හෝමාගම, කොළඹ, ජයවර්ධනපුර හා පිළියන්දල කලාපයේ. දුවලා පුතාලා හොඳට මතක තියා ගන්න ඔයාලගේ හැඳුනුම්පත අරන් එන්න. ඔබගේ විදුහල්පතිතුමාගෙන් විමසන්න පුළුවන් කොතනට ද එන්න ඕනේ කියලා. මොකද සමහර සෙන්ටර්ස් අපි පාසල් 3 – 4 කට එක සෙන්ටර් එකක් දාලා තියෙනවා. විශේෂයෙන් අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්න දරුවන් ට එන්න වෙන්නේ අර සෙන්ටර් එකට. සෞඛ්‍ය අමාත්‍යාංශ හා අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් සයිට් එකෙත් මේ නිවේදනය පළ කරනවා.” යනුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post