News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

මධ්‍යම මෙක්සිකෝවේ කන්ටේනර් අනතුරකින් 53 දෙනෙකු මිය යයි

514 Views


මධ්‍යම මෙක්සිකෝවේ කන්ටේනර් අනතුරකින් 53 දෙනෙකු මිය යයි

මෙක්සිකෝවේ දී සංක්‍රමණිකයන් රැගත් කන්ටේනරයක් අනතුරට ලක්ව තිබෙනවා.

මෙම කන්ටේනරය තුළ සැඟවී අමෙරිකා එක්සත් ජනපද දේශසීමාව වෙත ලඟා වීමටයි මෙම පිරිස උත්සහ දරා ඇත්තේ.

කන්ටේනරය තුළ 100කට වැඩි පිරිසක් සැඟවී පලායමින් සිට තිබෙනවා.

අනතුරෙන් 53 දෙනෙකු එම ස්ථානයේදී ම මිය ගොස් ඇති බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුරෙන් තුවාල ලැබූ සංක්‍රමණිකයන් 58 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ඉන් 03 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

බොහෝ විට මීට පෙරත් සංක්‍රමණිකයින් රැගත් කන්ටේනර් අනතුරට පත්ව තිබුනත් මෙය මෙක්සිකානු ඉතිහාසයේ දරුණුතම අනතුර බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post