News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
13

දියර පොහොර කෑන් පිපිරීම් ප්‍රදේශ කිහිපයකින්ම

450 Views


දියර පොහොර කෑන් පිපිරීම් ප්‍රදේශ කිහිපයකින්ම

රජයෙන් ලබා දීපු දියර පොහොර කෑන් පිපිරීම් ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා.

මෙලෙස පුපුරා ගිය දියර පොහොර සුනඛයින් පවා ආහාරයට ගන්නා අයුරු ද දක්නට ලැබුණා.

මේ කාබනික දියර පොහොර හදලා තියෙන්නේ මත්ස්‍යය නිශ්පාදන ආශ්‍රිතව කියලයි ඇමති මහින්දානන්ද පවසන්නේ.

දඹුල්ල අප වාර්තාකරු සිදු කළ ගවේෂණයකදී අනාවරණය වුණේ ඇතැම් කාබනික පොහොර මත්ස්‍ය කොටස් යොදා සකස් කරන බවටයි.

රජය හිතුමතේ ගත් තීරණවලට රසායනික පොහොර තහනම් පැනෙව්වා. ඊට විරෝධය පා ගොවි ජනතාව පාරට බැස්සා. සමහර රසායනික පොහොර ගැසට් රිවස් වුණා.

මේ අතර රජය දුන් කාබනික කියන පොහොරවලත් විවිධ ගැටළු මතු වුණා. කාබනික දියර පොහොර අඩංගු තවත් කෑන් පිපිරීමක් ගලෙන්බිදුණු වැවෙන් වාර්තා වුණා.

ගබඩා තුළම පිපිරී ගොස් ඇති මෙම කාබනික දියර පොහොර අඩංගු කෑන් නිසා ප්‍රදේශය පුරා අධික දුර්ගන්ධයක් හමන බවයි ගොවීන් පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post