පුත්තලම දිස්ත්‍රික්කයේ එළුවන්කුලම සිංහල විද්‍යාලය යනු තිස් වසරකට අධික කාලයක් ත්‍රස්තවාදී තර්ජනයට ලක්ව තිබූ පාසලක්.
දැන් ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇත්තේ වන අලි තර්ජනයටයි.
ප්‍රථමික අංශයේ දරුවන්ගේ සෙල්ලම් මිදුල ආසන්නයේ ඇති වැට ද වන අලි කඩා දමා තිබෙනවා.
වන අලි නිසා දරු දැරියන්ට ඇතිවන ගැටළු සේම අඩු පහසුකම් යටතේ එළුවන්කුලම විද්‍යාලයේ දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමටයි සිදුව ඇත්තේ.
සීමිත පහසුකම් සහිත වුවද විද්‍යාලයේ ගුරුවරුන් දරු දැරියන්ගේ හෙට දවස වෙනුවෙන් අධ්‍යාපනය ලබා දීමට වෙහෙසී කටයුතු කිරීම අගය කළ යුතු කරුණක්.
පාසලට නිසි ගොඩනැගිලි නොමැති වීම නිසා පුස්තකාලය පවත්වාගෙන යන්නේ ද පන්තිකාමරයක් තුළයි.
එළුවන්කුලම සිංහල විද්‍යාලයේ දරුදැරියන්ට සිය අධ්‍යාපන කටයුතු දුෂ්කරතාවයකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස සියලු බලධාරීන්ගෙන් පාසලේ දරුවන් ඉල්ලා සිටිනවා.