News Line| Off Air
Generic placeholder image

Dec
14

වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක්

487 Views


වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක්

දිවයින හරහා ඊසානදිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට දකුණු දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පවති.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදයේ සඳහන් වේ.

නැගෙනහිර,මධ්‍යම සහ ඌව පළාත්වලත් මාතලේ , හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.

උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වේ.


News Articles
Latest Videos
Most Popular Post