News Line| Off Air
Generic placeholder image

Dec
14

ලිට්‍රෝ සමාගමට ගෙන ආ ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් – ගස් නැව, නැවත යවනවාද නැද්ද යන්න තීරණය අද

806 Views


ලිට්‍රෝ සමාගමට ගෙන ආ ගෑස්වල ප්‍රමිතියේ ප්‍රශ්නයක් – ගස් නැව, නැවත යවනවාද නැද්ද යන්න තීරණය අද

මාස කිහිපයක සිට ගෑස් ආශ්‍රිත පිපිරිමි සහ ගිනි ගැනීම් නිරන්තරයෙන් වාර්තා වෙමින් පවතිනවා.

මේ සමඟ රජය තීරණය කලේ මෙරටට පැමිණෙන ගෑස්වල සංයුතිය පරික්ෂාවටයි.

ඒ අනුව ගෑස් රැගෙන පසුගියදා මෙරටට පැමිණි නෞකාවේ ඇති ගෑස්වල සංයුතිය රජය පරීක්ෂා කළා.

එම ගෑස්වල ද ගඳ සුවඳ හඳුනා ගැනීමේ එතිල් මර්කැප්ටන් නම් රසායනික ද්‍රව්‍ය ප්‍රමාණවත් ලෙස අඩංගු නොවන බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව එම ගෑස් තොග ප්‍රතික්ෂේප කිරීමට පාර්භෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කළා.


News Articles
Latest Videos
Most Popular Post