News Line| Off Air
Generic placeholder image

Dec
17

බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

524 Views


බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට

බ්‍රිතාන්‍යයට ශීත ඍතුව ආරම්භ වී තිබෙනවා.

ශීත ඍතුව ආරම්භයත් සමඟ නව කොවිඩ් රැල්ලක් ද ආරම්භ වුවා.

මෙවර කොවිඩ් ව්‍යාප්තියේ විශේෂත්වය වනුයේ කොවිඩ් ප්‍රභේද දෙකක් දක්නට ලැබීමයි. ඒ කොවිඩ් ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ප්‍රභේදයි.

ගෙවුණු සතිය තුළ පමණක් නව කොවිඩ් ආසාදිතයින් 442378 ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනය තුළ පමණක් නව ආසාදිතයින් 88,000කට වැඩියෙන් වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඊට පෙර දින කොවිඩ් ආසාදිතයින් 78,000ක් පමණ හඳුනා ගැනුණා.

ඒ අනුව දෛනික කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීමේ පරතරය අවම වශයෙන් දස දහසකට වැඩියි.

මෙය අතිශය අවදානම් ව්‍යාප්තියක් බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ.

එහෙත් තවමත් රට අඟුළු දැමීමට බලාපොරොත්තුවක් නැති බව අගමැති බොරිස් ජොන්සන් මහතා ඊයේ ප්‍රකාශ කළා.

එන්නත්කරණය සහ බූස්ටර් එන්නත ලබා ගැනීමට මීට ඇති එකම විකල්පය බවයි අග්‍රාමාත්‍යවරයා ද ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post