News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
17

රායි සුළි කුණාටුව පිලිපීනයට

544 Views


රායි සුළි කුණාටුව පිලිපීනයට

පිලිපීනයට රායි සුළි කුණාටුව කඩා වැදී තිබෙනවා.

මෙය පිලිපීනයට බලපෑ ප්‍රබලම සුළිකුණාටුව බවයි වාර්තා වන්නේ.

සුළි සුළඟ හමායන ප්‍රදේශයේ ගම්මාන දස දහසක් පමණ තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

පැයට කිලෝ මීටර් 185ක පමණ වේගයකින් රායි ගමන් කරන බව වාර්තා වනවා.

ජීවිත හානි කිසිවක් වාර්තා වී නැති අතර බොහෝ පිරිස් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගනිමින් සිටිනවා.

මේ වන විට ගංවතුර සහ නායයෑම් තත්ත්වයන්ද වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post