News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
6

ලෝකයේ නිපදවන ආහාරවලින් තුනෙන් එකක් අපතේ යයි

423 Views


ලෝකයේ නිපදවන ආහාරවලින් තුනෙන් එකක් අපතේ යයි

ඇස්තමේන්තු කර ඇති පරිදි ලෝකයේ නිපදවන ආහාරවලින් තුනෙන් එකක් අපතේ යනවා. එසේ අපතේ යන ආහාර අවසානයේ දිරාපත්වී වායුගෝලයට මීතේන් පවා එකතු කරනවා.

ආහාර අපතේ යාමට අමතරව මීතේන් එකතුවීම ද බරපතල පාරිසරික ප්‍රශ්න බව සඳහන් කළ යුතුයි.

18 වැනි ශතවර්ෂයේ අග භාගය දක්වා ම බොහෝ කෘෂිකාර්මික බිම්වලින් ඉතිරිවන බෝග එකතු කිරීමට දුප්පතුන්ට අවස්ථාව තිබුණා. නමුත් අද මේ තත්ත්වය ලෝකය පුරා ම වෙනස් වී අවසන්.

බ්‍රිතාන්‍ය තුළ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. මේ අයගේ අරමුණ ගොවිබිම් ඇතුළු බොහෝ ස්ථානවලින් “ආහාර ඇහිදීමයි” නැතහොත් නිකරුණේ ආහාර විනාශ වීම වැළැක්වීමයි.

එසේ විනාශ වී යාමට පෙර එම ආහාර ද්‍රව්‍ය එකතු කොට ආහාර බැංකු වෙත ලබා දීම සිදු කෙරෙනවා.

එසේ ආහාර බැංකු වෙත ලැබෙන ආහාර ද්‍රව්‍ය දිළින්දන් අතර අනතුරුව බෙදා දීම සිදු වනවා. එහිලා ක්‍රියාත්මක ප්‍රධාන ස්වේච්ඡා සංවිධානයක් වනුයේ ග්ලෙනින් කොන්වොල් සංගමයයි.

එහි නිර්මාතෘ හොලී හයිට්ලෝ මහතා පවසන්නේ පසුගිය වසරේ පමණක් ආහාර ටෝන් 5000 කට ආසන්න ප්‍රමාණයක් බේරාගෙන ආහාර බැංකු වෙත ලබා දුන් බවයි.

එමෙන් ම සරණාගත කඳවුරු ප්‍රාදේශීය ප්‍රජා මුළුතැන්ගෙවල්, කාන්තා සරණාගත මධ්‍යස්ථාන වෙත ආහාර ලබා දෙන බව ද ග්ලෙනින් කොන්වොල් නිර්මාතෘවරිය පවසනවා.

ඇය ලෝකයෙන් ම ඉල්ලා සිටින්නේ ආහාර ඉවත දමන්න එපා කියලයි.


News Articles
Latest Videos
Most Popular Post