News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

වැසි තත්ත්වයේ වැඩි වීමක්

501 Views


වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාව පවතිනවා.

එම නිසා ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි.

උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතේ සහ අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post