News Line| Off Air
Generic placeholder image

Jan
10

විදුලිබල මණ්ඩලයට අවශ්‍ය පරිදි ඕනෑම අවස්ථාවක විදුලිය කපා දැමීමට අවසර

504 Views


විදුලිබල මණ්ඩලයට අවශ්‍ය පරිදි ඕනෑම අවස්ථාවක විදුලිය කපා දැමීමට අවසර

ගෑස් සහ කිරිපිටි ඇතුළු විවිධ භාණ්ඩ හා සේවා ලබා ගැනීමට, පෝලිම් හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට, විදුලියෙනුන් බැට කෑමට සිදු වන වාතාවරණයක් මේ වන විට නිර්මාණය වී අවසන්.

ඒ අනුව අද සිට විදුලි කප්පාදුවකට යාම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සිදු කළ ඉල්ලීමකට මහජන උපයෝගීතා කොමිෂන් සභාව මේ වන විට අනුමැතිය ලබා දී තිබෙනවා.

මෙම අවසරයත් සමග ඕනෑම අවස්ථාවක විදුලි බල මණ්ඩලයට අවශ්‍ය පරිදි විදුලිය කපා දැමීම සිදු කළ හැකියි.

කෙසේ වෙතත් සියත ප්‍රවෘත්ති අප කළ විමසීමක දී විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කලේ, විදුලිය කපා දැමීමක් පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post