News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්

469 Views


පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාව ආසන්නයේ ස්ථානගතව පවතී.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, පොලොන්නරුව, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. රත්නපුර, කළුතර, ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post