News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
14

තෛපොංගල් දිනය අදයි

812 Views


තෛපොංගල් දිනය අදයි

හින්දු බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන තෛපොංගල් උත්සවය ලොව වැසි සියලූම හින්දු ජනයා විසින් අද (14) සමරනු ලබයි.

පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ “උතුරා යාම නැතිනම් පිටාර ගැලීමයි”. මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස හින්දු ජනතාව සලකයි. හින්දු භක්තිකයන් තම පළමු අස්වැන්න සූර්යයාට පුජා කිරීම මෙම සුර්ය මංගල දිනයේ දී සිදු කරයි.

මෙම උත්සවය සෞභාගය සහ ස්තුති කිරීම හා බැදී පවතින අතර තම අස්වැන්න සරු විමට උපකර කළ වර්ෂාව, සූර්යයා හා ගොවි සතුන්ට ස්තූති කිරීම සඳහා මෙම උත්සවය පවත්වනු ලැබේ.

‘භෝඝි’ ලෙස හදුන්වන උත්සවයේ පළමු දින, ජනතාව තමන් පාවිච්චි කරන ලද පැරණි වස්ත්‍ර හා රෙදිපිළි පුළුස්සා පැරණි වසරේ අවසානය සනිටුහන් කිරීමත් සමගින්ම නව තායි වසර පිළිගැනීම ද සමරනු ලබයි.

පොංගල් යනුවෙන් හැදින්වෙන දෙවන දින මෙම සැමරුමේ ප්‍රධාන දිනය වන අතර මෙදින සමරනු ලබනුයේ අලුත් මුට්ටියක බත්, හකුරු හා නැවුම් එළකිරි උතුරා පිසගෙන එම ආහාර සහ පළතුරු රසකැවිලි ආදියෙන් හිරු දෙවියන් පිදීමෙනි.


News Articles
Latest Videos
Most Popular Post