News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
19

දේශීය සංචාරකයින්ට නොසලකන නිවාඩු නිකේතනවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර

548 Views


දේශීය සංචාරකයින්ට නොසලකන නිවාඩු නිකේතනවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර

“විදේශිකයින්ට පමණක්” යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කරමින් දේශීය සංචාරකයින් නොසලකා හරින නිවාඩු නිකේතනවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එවැනි සිද්ධි පිළිබඳව දේශීය සංචාරකයින්ගෙන් විධිමත්ව පැමිණිලි ලැබුණහොත් අදාළ ආයතන ගැන නීතිමය පියවර ගැනීමට නොපසුබට නොවන බවත් එම ආයතනවල බලපත්‍ර අවලංගු කර සියලුම සංචාරකයින් දැනුම්වත් කිරීමට කටයුතු කරන බවත් සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඇතැම් සංචාරක සේවා ආයතන අනුගමනය කරන වෙන්කර සැලකීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව කියන සංචාරක සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සියලු පුරවැසියන්ට සමාන අයිතිය ලබාදීම මෙන්ම කිසිඳු පුද්ගලයෙකුට, ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය හෝ එවැනි කවර හෝ හේතුවක් සහ කරුණක් යටතේ වෙනස් කර සැළකිය නොහැකි බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

ශ්‍රී ලංකා පුරවැසියන් සංචාරක කර්මාන්තය දුෂ්කරතාවයට පත්වූ අවස්ථාවලදී කර්මාන්තය සමඟ රැදී සිටි බවත්, ඒ අනුව සෑම අවස්ථාවකදීම සංචාරක කර්මාන්තයට සහාය වී ඇති දේශීය සංචාරකයන් කර්මාන්ත පාර්ශවකරුවන් ලෙස සැළකිය යුතු බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post