News Line| Off Air
Generic placeholder image

Jan
25

වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනස්වීමක්

455 Views


වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනස්වීමක්

පැවති වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනස්වීමක් අද (25) දිනයේ දී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වන්නේ.

අනුරාධපුර සහ වවුනියා දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා.

මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post