News Line| Off Air| Games
Generic placeholder image

Feb
14

ආදරවන්තයින්ගේ දිනයේ මේ ගැනත් හිතමු

321 Views


ආදරවන්තයින්ගේ දිනයේ මේ ගැනත් හිතමු

ඇත්තටම ආදරය කරන ඇස් තියෙන්නේ පිටුපසින්.

ඇත්තටම ආදරය කරන ඇස් ඔබට පෙන්නේ නැති වෙන්න පුලුවන්.

නමුත් ඒ ඇස් පිටුපස ඉදලා ඔබ දිහා හැමදාම බලාගෙන ඉන්නවා.

ඒ තමයි සැබෑ ආදරය.

අද ආදරවන්තයින්ගේ දිනයයි.

ඇත්තටම ආදරය කරන අයට එක දවසක් මොකටද කියලත් සමාජයේ තවත් මතයක් තියෙනවා. ඒ කොහොම වුණත් බටහිර රටවල ආභාෂයෙන් ලොව පුරා පැතිරී ගිය මේ දවසේ දී වැලන්ටයින් ශාන්තුවරයා සිහිපත් කිරීම සිදු වනවා.

This image has an empty alt attribute; its file name is SIYATHA-24-WEB-1-1.png

අදරවන්තයින්ට බොහෝ සෙයින් උපකාර කළ වැලන්ටයින් ශාන්තුවරයා මිය ගිය දවසයි අප වැලන්ටයින් දිනය ලෙස හඳුන්වනු ලබන්නේ.

සැබෑ ලෙසට ම තම ආදරවන්තියට, ආදරවන්තයට ආදරය කරන පෙම්වතුන් තෑග්ගක්, මල් කළඹක් දී තම ආදරය ප්‍රකාශ කරනවා.

නමුත් ඊටත් හාත්පසින් ම වෙනස් දේවල් ද අද සමාජයේ සිදු වනවා.

ආදරවන්තයින්ගේ දිනය හෝ ආදරය තරුණ තරුණියන්ට පමණක් සීමා වෙන්නේ නෑ. බාල මහලු වැඩිහිටි තරුණ කාටත් ආදරය කියන එක පොදුයි.

හැබැයි ආදරයේ නාමයෙන් කියලා ජීවිත විනාශ කර ගන්නේ අපේ රටේ නව යොවුන් පරපුර සහ තරුණ තරුණියන් වීම ඉතාම කණගාටුවට කරුණක්.

ඒ නිසා දෙමාපියන් වන ඔබ ඔබේ ආදරණිය පුතා ගැන ආදරණිය දුව ගැන දැඩි අවබෝධයෙන් හා විමසිල්ලෙන් සෑම විටම පසුවිය යුතුයි.


News Articles
Latest Videos
Most Popular Post