News Line| Off Air| Games
Generic placeholder image

Feb
17

සිරුරේ බර අඩු කරන ආහාර වර්ග

571 Views


සිරුරේ බර අඩු කරන ආහාර වර්ග

ශරීරයේ අනවශ්‍ය බර නිසා පීඩා විඳින ඔබ ආහාර පාලනය කිරීමට වගේම ව්‍යායාම කිරීමටත් ගොඩක් උනන්දු වෙනවා. ඔබේ ආහාරයට එකතු කරගත හැකි ඉක්මනින් කෙට්ටු වෙන ආහාර වර්ග ගැනයි අප ඔබව දැනුවත් කරන්නේ.

ඕට්ස්

ඕට්ස් කෝප්ප එකකින් බිත්තරයකින් ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණයට සමාන ප්‍රෝටීන් ප්‍රමාණයක් ශරීරයට ලැබෙන බව පර්‍යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. ඕට්ස් ආහාරයට ගැනීම මගින් ඔබට නැවත නැවත කුසගිනි ඇතිවීමත් අවම කරනවා.

බිත්තර

කොලෙස්ටරෝල් ඉහල නංවන ආහරයක් ලෙස සැලකුනත් බිත්තර කියන්නේ ඔබේ ශරීරයේ බර අඩු කරගන්න පුලුවන් හොඳ ආහාරයක්.ප්‍රෝටීන් සහ මේදය සහිත බිත්තර උදෑසන ආහාර වේලට එකතු කරගැනීම ආහාර පාලනය කරන ඔබට ඉතාමත් සුදුසුයි.

ඩාක් චොකලට්

පර්‍යේශකයන් තහවුරු කර ඇති පරිදි ඩාක් චොකලට් ආහාරයට ගැනීම මගින් බර අඩු කරගැනීමේ හැකියාව තිබෙනවා.ඒ වගේම ඩාක් චොකලට් මගින් දියවැඩියාව සහ හෘද රෝග අවදානමත් අවම කරනවා.

සුදුළූණු

සුදුළූණු ආහාරයට ගැනීම මගින් ශරීරයේ බර සහ මේදය අඩු වන බව හෙලිවී තිබෙනවා. සුදුලූනු මගින් රුධිරයේ සීනි පාලනයට වගේම පරිවෘත්තීය ක්‍රියාවලියට සහය වන අතර රුධිරයේ ලිපිඩ මට්ටම පාලනය කිරීමටත් උපකාරී වන බව මෑත අධ්‍යයනයන්ගෙන් හෙළි වී තිබෙනවා. සුදුළූණු ආහාරයට ගැනීමෙන් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමටත් , හෘද රෝග වළක්වා ගැනීමටත්,රුධිර පීඩනය අඩු කිරීමටත් උපකාරී වෙනවා.

බෝංචි

ප්‍රෝටීන් බහුල රනිල කුලයට අයත් බෝංචි ආහාරයට ගැනීම මගින් ඔබට ඔබේ ශරීරයේ බර අඩු කරගැනීමෙ හැකියාව තිබෙනවා.ඒ වගේම රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමටත් එයට හැකියාව තිබෙනවා.

කොළ පැහැ පලා වර්ග

විටමින් ,කැල්සියම් සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු කොල පැහැ පලා වර්ගවල තන්තු ප්‍රමාණය වැඩි නිසා බර අඩු කරගන්න උත්සහ කරන ඔබට එය ඉතා සුදුසුයි.

මෙවැනි ආහාර වර්ග කෑම වේලට එකතු කර ගැනීමට හැකි නම් ඔබට බර අඩු කරගන්න එක ඒ තරම් අමාරු කාරණාවක් නෙමෙයි.

බර අඩු කර ගැනීමට මෙවැනි අහාර රටාවකට යොමුවන ලෙස අප ඔබට යෝජනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post