News Line| Off Air| Games
Generic placeholder image

Mar
13

දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයට අවුරුදු 114 යි

345 Views


දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයට අවුරුදු 114 යි

1864 දී ආරම්භ වූ දුම්රිය සේවය සමස්ත මගී ජනතාව වෙනුවෙන් ඉතා විශාල සේවයක් සිදුකරමින් සිටිනවා.

එ⁣ම සේවාවන් ලබා දීම සඳහා ධාවනයට යොදවන දුම්රිය එංජින් නඩත්තු කිරීමේ දී දුම්රිය දෙපාර්තමේන්තුව සතු ප්‍රධානත ම ධාවනාගාරය දෙමටගොඩ ධාවනාගාරය ලෙස හදුන්වා දිය හැකියි.

1907 වසරේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ වූ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරය 1909 මාර්තු මස 09 වැනිදා සේවයට එක් කර තිබෙනවා.

ධාවනාගාරය තුල ඇති සිත්ගත් ස්ථාන කිහිපයක් ලෙස වාශ්ප එංජින් සදහා උණුසුම් ජලය සැකසූ බොයිලේරු, එම බොයිලේරු සදහා ජලය රැස්කර තබා ගැනීම සදහා සැකසූ ජල ටැංකි පද්ධතිය, එම ජල ටැංකිවලට ජලය සපයන කිසිදු දිනෙක නොසිදෙන ළිං තුන ආදිය පෙන්වා දිය හැක.

එමෙන් ම එදා සිට අද දක්වා ගෙන්වන ලද දුම්රිය එංජින්, මැදිරි, ගැල් හා ටැංකි ආදියේ ස්කන්ධයන් නිවැරැදිව බලා ගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු තරාදිය පිහිටා ඇත්තේද දෙමටගොඩ ධාවනාගාරය සතුවයි.

මුල් කාලයේ සිට වාශ්ප එංජින්වල පමණක් නඩත්තු කටයුතු සිදු කළ දෙමටගොඩ ධාවනාගාරයට අදවන විට ඩීසල් එංජින් නඩත්තු කටයුතු සිදුකිරීමද සිදු කරනවා.

අද වනවිට ලාංකේය දුම්රිය ගමන් අතර වඩාත් ආකර්ෂණීය ම දුම්රියක් වන “Ella Odyssey” දුම්රිය සදහා සියලු සේවා සපයන්නේ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරය මගිනි.

එතෙක් මෙතෙක් පරම්පරා ගණනාවක් දුම්රිය සේවයෙහි සැලසූ දෙමටගොඩ ධාවනාගාරය ඉමහත් සේවයක් සපයමින් සිටී.


News Articles
Latest Videos
Most Popular Post