News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

රජය LED බල්බ් නොමිලේ බෙදයි…

1161 Views


රජය LED බල්බ් නොමිලේ බෙදයි…

ඔබ මාසේ අන්තිමට පඩිය ගත්තම ඒකෙන් වැඩිපුරම වියදමක් යන්නෙ මොනවටද? වෙන මොනවටද ඉතින් ගෙදරට එන බිල් ටික ගෙවන්නනේ. ඒක තමයි අපිට තියෙන ලොකුම හිසරදේ. ඒ අතරිනුත් ලයිට් බිල තමයි ලොකු. ඉතින් අපි නිතරම මේ ලයිට් බිල අඩු කරන ක්‍රමයක් තමයි හොයන්නේ. එහෙම ක්‍රම ගොඩාක් මේ වෙන කොටත් අපි අත්හදා බලාගෙන යනවනේ. මේ වෙද්දීත් සූර්ය බල ශක්තිය නම් ගොඩක් අය ප්‍රයෝජනයට ගනන්වා.

ඉතිං මීට අමතරව ඔබේ ලයිට් බිල අඩු කරන්න රජයෙන් අළුත් වැඩපිළිවෙලක් පටන්ගන්න යනවා කියල සියත 24 අපිට ආරංචියක් ආවා.

පාරිභෝගිකයන් අතර LED බල්බ මිලියන 10 ක් නොමිලයේ බෙදා දෙන්න තමයි රජය Plan කරලා තියෙන්නේ. මේ බව කිව්වේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා.

2020 අවුරුද්ද වෙද්දී සූර්ය ශක්තිය උදවු කරගෙන මෙගාවොට් 440ක විදුලියක් ජාතික පද්ධතියට එකතු කරන්න බලාපොරොත්තු වෙන බවත්, පහුගිය සැප්තැම්බර් මාසයේදී පටන් ගත්ත සූර්ය බල සංග්‍රාමය යටතේ මේ වෙද්දී පාරිභෝගික සබඳතා 3909 ක් සපයා තියෙන බවත්, තවත් පාරිභෝගිකයන් 2000ක් ඉල්ලුම් කරල තියෙනවා කියලත් මෙහිදී අමාත්‍යවරයා කිවුවා.


News Articles
Latest Videos
Most Popular Post