News Line| Off Air
Generic placeholder image

Jul
23

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ වාර්තාගත පැමිණීමක්. ජූලි මාසයේ සංචාරකයින් ලක්ෂය ඉක්මවයි.

532 Views


ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ වාර්තාගත පැමිණීමක්. ජූලි මාසයේ සංචාරකයින් ලක්ෂය ඉක්මවයි.

අපේ රටේ සංචාරක කර්මාන්තයට තවත් සුබ ආරංචියක්!

ශ්‍රී ලංකාව බොහෝ දෙනාගේ සිත් දිනාගත් සංචාරක ගමනාන්තයක් බවට විවාදයක් නැහැ. 2025 ජූලි මාසයේ මුල් දින 20 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 126 000 කට ආසන්න පිරිසක් පැමිණ තිබෙනවා.
අපගේ සංචාරක අංශයේ විශිෂ්ට ප්‍රවර්ධනයක් පෙන්නුම් කරන සුවිශේෂී සංධිස්ථානයක් ලෙස මෙම සංචාරක පැමිණීම පෙන්වා දෙන්නට පුලුවන්.
සංචාරක පැමිණීමේ මේ කැපී පෙනෙන වර්ධනය, සංචාරක කර්මාන්තයේ නියැලී සිටින සියලු දෙනාට මෙය මහත් බලාපොරොත්තුවක් ගෙන දෙනවා. එය නිසැකවම රටේ සංචාරක ප්‍රගතිය සහ සමස්ත ආර්ථික පුනර්ජීවනය තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වේ යැයි අපේක්ෂා කෙරෙනවා. වසරේ මේ දක්වා ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 1 294 052 කි.


News Articles
Latest Videos
Most Popular Post