අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් කොළඹ නගරයට සහ ගාලු මුවදොරට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් හෙට (31) දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන්ම කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලූපිටිය, බම්බලපිටිය සහ කුරුඳුවත්ත යන ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයක් ඇතිවිය හැකි බවට පොලිසිය පවසනවා. මෙම ප්‍රදේශවල මාර්ගයන් හෙට දිනයේ සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන නමුත්, අධික තදබදයක් නිර්මාණය වුවහොත් පමණක් රථ වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිස් නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරත් මහජනතාවට දැනුම් දී තිබෙනවා.



