ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කරමින්, 2026 වසරේ පෙබරවාරි මාසය තුළ පමණක් සංචාරකයින් 279,328 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබෙනවා. මෙය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 16.2% ක කැපී පෙනෙන ඉහළ යාමක් ලෙසයි සැලකෙන්නේ.
මෙම මාසයේ වැඩිම සංචාරක ආකර්ෂණයක් හිමිව ඇත්තේ ඉන්දියාවෙන් (47,679) වන අතර, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය, චීනය සහ ප්‍රංශය යන රටවලින් ද සැළකිය යුතු පිරිසක් පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ. ඒ අනුව, වසරේ මුල් මාස දෙක තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 556,655 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන්දියාව, එක්සත් රාජධානිය සහ රුසියාව ප්‍රධානතම වෙළඳපොළවල් ලෙසයි පෙරමුණේ පසුවන්නේ.
