News Line| Off Air
Generic placeholder image

Apr
6

හඳට යන්නේ “කෙළින් පාරේ” නෙවෙයි

75 Views


හඳට යන්නේ “කෙළින් පාරේ” නෙවෙයි

Artemis II මෙහෙයුම පෘථිවියේ සිට සඳ වෙත සරල රේඛාවක ගමන් කරන ගමනක් නොව, ගුරුත්වාකර්ෂණ බලය උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නා ඉතා සංකීර්ණ ගමනක්. මෙහිදී යානය මුලින්ම පෘථිවිය වටා ඉලිප්සාකාර කක්ෂයක (High Earth Orbit) ගමන් කරමින් අවශ්‍ය වේගය ලබා ගන්නා අතර, පසුව සඳේ ගුරුත්වාකර්ෂණය භාවිත කරමින් ‘Slingshot’ ක්‍රමයට නැවත පෘථිවිය දෙසට හැරෙන “Free Return Trajectory” ක්‍රමය අනුගමනය කරනවා.

මෙය එන්ජින් අක්‍රිය වුවද ගගනගාමීන්ගේ ආරක්ෂාව තහවුරු කරන සුවිශේෂී තාක්ෂණයක්. සඳේ අඳුරු පැත්තෙන් ඔබ්බට යමින් මිනිසෙකු අභ්‍යවකාශයේ ගමන් කරන වැඩිම දුර (සැතපුම් 685,000) සනිටුහන් කරන මෙම මෙහෙයුම, හුදු චාරිකාවකට වඩා ඉදිරියේදී සිදුකිරීමට නියමිත සඳ මත පදිංචි වීමේ මෙහෙයුම් සඳහා පදනම දමන තීරණාත්මක පරීක්ෂණයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post