ලෝකප්‍රකට “The Lord of the Rings – The Hunt for Gollum” චිත්‍රපටයේ රූගත කිරීම් නිල වශයෙන් ආරම්භ කර ඇති අතර, එහි ප්‍රධාන චරිතය වන ‘ගොලම්’ ලෙස සුපිරි නළු ඇන්ඩි සර්කිස් (Andy Serkis) රංගනයෙන් දායක වන අයුරු දැක්වෙන පළමු වීඩියෝ දර්ශන Warner Bros. සමාගම විසින් නිකුත් කර තිබෙනවා. නවසීලන්තයේ කඳුකර ආශ්‍රිතව රූගත කිරීම් සිදුවන මෙම සිනමාපටයේ රංගනයට අමතරව එහි අධ්‍යක්ෂණයෙන්ද සර්කිස් දායක වන අතර, මුල් “ලෝඩ් ඔෆ් ද රින්ග්ස්” සහ “හොබිට්” සිනමා ත්‍රිත්වයන් පිටුපස සිටි පීටර් ජැක්සන් ඇතුළු නිර්මාණශීලී කණ්ඩායම සමඟයි ඔහු මෙහිදී නැවතත් අත්වැල් බැඳගෙන ඇත්තේ. පැරණි රංගන ශිල්පීන් වන ඉයන් මැකෙලන් (ගැන්ඩල්ෆ්), එලයිජා වුඩ් (ෆ්‍රෝඩෝ) සහ ලී පේස් සමඟින් කේට් වින්ස්ලට්, ජේමි ඩෝනන්, ලියෝ වුඩෝල් සහ ආන්‍යා ටේලර්-ජෝයි වැනි නව නළු නිළි පිරිසක්ද රංගනයෙන් එක්වන මෙම චිත්‍රපටය, වසර 25කට පෙර සේවය කළ මුල් කාර්ය මණ්ඩලයේම සහභාගීත්වයෙන් යුත් දැවැන්ත පවුලේ එකතුවක් බඳු බව සර්කිස් පවසන අතර, එය 2027 දෙසැම්බර් 17 වනදා ලොව පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

