News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
17

ජැවලින් එකක වටිනාකම ලක්ෂ 6ක් වෙනවා.ඒත් මේකෙ වටිනාකම කියන්න බෑ – ඒකේ වටිනාකම තියෙන්නෙ ක්‍රීඩකයාට

73 Views


ජැවලින් එකක වටිනාකම ලක්ෂ 6ක් වෙනවා.ඒත් මේකෙ වටිනාකම කියන්න බෑ – ඒකේ වටිනාකම තියෙන්නෙ ක්‍රීඩකයාට

හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල වලට සිදුවු හානිය පිළිබද තුර්කි ගුවන් සේවයෙන් කරුණු විමසා තිබෙනවා. ඊට අදාළ සාකච්ඡාවක් සිවිල් ගුවන් සේවා අධිකාරියේදී පැවැත්වුණේ වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කුගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා උපකරණවලට සිදුවු හානිය පිලිබද තුර්කි ගුවන් සමාගම කණගාටුව පළකළා. සිද්ධිය සම්බන්ධයෙන් ආයතනික විමර්ශනයක් සිදුකිරීමටත් හානිය පිලිබද නිසි ඇගයීමක් සිදුකර ප්‍රතිපුර්ණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද තීරණය කළ බවයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සදහන් කළේ. ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ශූරයා බවට පත් වූ රුමේෂ් තරංග ඊයේ අලුයම දිවයිනට පැමිණියේ තුර්කි ගුවන් සේවයේ ටී කේ 730 දරණ ගුවන් යානයෙන්.
රුමේෂ් සතු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු හෙල්ල 5 ම හානිවී තිබුණේ හංගේරියාවේ බුඩාපේස්ට් නුවර සිට මෙරට දක්වා පැමිණි ගුවන් ගමනේදීයි.
රජයේ පූර්ණ වියදමින් අතිනවීන හෙල්ල කට්ටලයක් රුමේෂ් තරංග වෙත කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බවයි ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සදහන් කළේ.
මේ අතර ආසියා ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවීම රුමේෂ්ගේ අරමුණ බව ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න පවසනවා.

ඔහු සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ රුමේෂ් භාවිත කළ හෙල්ල විනාශ වීම කණගාටුදායක තත්වයක් බවයි.

හෙල්ල 5 ම විනාශ වීම හේතුවෙන් රුමේෂ් මානසික පීඩනයකට ලක්වු බවයි ටෝනි ප්‍රසන්න සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post