හොරෙක්ට වුනත් දැන් හොරකමක් කරලා බේරිලා යන්න නම් බෑ. මොකද හැමතැනම CCTV හයි කරලා තියෙනවා. කොතන, කොයි මොහොතෙ, මොකක් සිද්ධ වුනත් ඒක CCTV එකේ Record වෙනවා. ඉතිං හොරකමක් කරලා හොරාට සිද්ධ වෙන්නේ ජත්‍යන්තරේට යන්න. මොකද ඊට පස්සේ CCTV දර්ශන හැම මාධ්‍යයකම පෙන්වනවනෙ.
එතකොට ඉස්සරහට කාටවත් නිදහසේ පාරේ බැහැල යන්න බැරි තත්වයක් එනවා. මොකද ඇවිදන CCTV වගයක් ලංකාවේ පාරවල් වලට දාන්නයි හදන්නේ. දැනටමත් මේ වැඩේ ශ්‍රී ලංකා පොලීසිය ලාවට පටන් අරං. බදුල්ලේ පොලිස් Traffic බයික් වල දැන් CCTV Camera හයි කරලයි තියෙන්නේ. එත් ටික දවසකින් මුළු ලංකාවේම මේක ක්‍රියාත්මක කරනවා කියල තමයි ශ්‍රී ලංකා පොලීසිය කියන්නේ.
මේ පොලිස් Traffic බයික් පාරේ යනකොට මහා පාරේ සිද්ධ වෙන හැමදේම පටිගත වෙනවා. ඊට පස්සේ පොලිස් නිළධාරීන් ඒවා පරීක්ෂා කරනවා. බැරි වෙලාවත් වාහනයක් මාර්ග නීති කඩ කරලා තිබ්බොත්, පයින් යන කෙනෙක් වැරදි වැඩක් කරලා තිබුනොත්, අශෝබන විදිහට හැසිරිලා තිබුනොත් ඒ Video දර්ශනය සාක්ෂියක් හැටියට තියාගෙන නඩු දානවා, දඩ ගහනවා. දැන් ඉතිං ඔබේ පිටිපස්සෙන් Traffic බයික් එකක් එනවනම් ටිකක් පරිස්සමට පාරේ යන්න කියල අපි ඔබට මතක් කරනවා. මොකද CCTV එකේ ඔබේ එක වැරැද්දක් හරි Record වෙලා තිබුනොත් දඩකොලේ ගෙදරටම ඒවි.