කලකිරුණු වෙලාවක මොකක්ද මේ රට කියලා හිතුනට, වෙන රටවලට එන ස්වභාවික ආපදාවල හැටි දැක්කම නං ලංකාව හොදයි කියලා හිතෙනවා නේද? ඇත්තටම අපි මුහුණ දෙන ගංවතුර, සුළි සුළං, නියඟ වගේ දහ පහළොස් ගුණයක් විශාල ආපදා තමයි ලෝකේ අනිත් රටවලට සිද්ධ වෙන්නේ. මේ දවස් වල ඇමෙරිකාවත් ඒ වගේ දරුණු ආපදාවකට ලක්වෙලා. අවුරුදු ගාණකට පස්සේ තමයි මෙහෙම දෙයක් ඇමෙරිකාවට වුනේ.


“හාවි” ඇමෙරිකාවට ලොකු අවාසනාවක් අරං ආවේ ගිය සතියේ. ඇමරිකාවෙ ටෙක්සාස් ප්‍රාන්තයට බලපාලා තියෙන මේ හාවි සුළි කුණාටුවෙන් ඇතිවලා තියෙන බලපෑම තාමත් ඉවර වෙලා නැහැ.

ඒ පැතිවල තාමත් ගං වතුර බැහැල ගිහින් නැහැ. ඒ වගේම හූස්ටන්, පෝර්ට් ආතර්, සහ බෝමන් යන ප්‍රදේශවල ඇතිවෙලා තියෙන ගං වතුර නිසා ආපදාවට පත් වුන කට්ටිය 20 ක් මේ වන විට මරණයට පත්වෙලා තියෙනවා. ඒ අතරෙ පුද්ගලයින් 8,500 කට අධික පිරිසක් බේරගෙන තියෙනවා. තවත් පුද්ගලයින් 32,000 කට වැඩි පිරිසක් අවතැන් කඳවුරු වල සිටිනව කියලා වාර්තා වෙනවා.

කොහොම වුනත් මේ වෙනකොට හාවි සුළි කුණාටුව, ලුසියානා ප්‍රාන්තය දෙසට ගමන් කරමින් සිටින බව වාර්තා වෙනවා. මේ හදිසි තත්වයට මුහුණදීමට, දැනටමත් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකයින් 10,000 කට ආසන්න පිරිසක් යොදවලා තියෙනවා. අවුරුදු 50 කට පස්සෙ කෝපස් ප්‍රිස්ට් ප්‍රදේශයට කඩා වැදුනු දරුණුතම කුණාටුව, මේ හාවි සුළි කුණාටුව කියල තමයි ඇමරිකාව වාර්තා කරන්නෙ. කාළගුණ අංශය නිකුත් කළ වාර්තා වල තියෙන විදිහට මේ කුණාටුවේ වේගය පැයට කිලෝමීටර් 354 ක්.


මේ කුණාටුවේ බරපතලකම කොහොමද, ටෙක්සාස් වලට දැනට වෙලා තියෙන හානිය කොහොමද කියල ඔබට මේ Videos බැලුවම තේරෙයි.