අධික වර්ෂාවත් සමග රත්නපුර ප‍්‍රදේශයේ අවදානම් කලාප වල ජනතාව ඉවත් කිරිමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවේ කලූ ගගේ ජල මට්ටම ඉහල ගොස් ඇති බවයි.
රත්නපුර හා මිල්ලකන්ද ප‍්‍රදේශවලින් කලූගග පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.
ගග දෙපස සිටින ජනතාව එම ප්‍රදේශ වලින් වහා ඉවත් වන ලෙසයි දැනුම් දී ඇත්තේ.
ජනතාව අරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම ප‍්‍රදේශිය ලේකම්වරුන් හරහා සිදු වන බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම්වරිය සදහන් කලා.
අධික වර්ෂාපතනයත් සමග රත්නපුර සහ කෑගල්ල දිස්ති‍්‍රක්කවලට නිකුත් කළ නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
එම ආයතනය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, ඇහැළියගොඩ සහ අයගම ප‍්‍රදේශයේ අවදානම් කලාපවල සිටින ජනතාව වහාම එම කලාපවලින් ඉවත් විය යුතු බවයි.
වර්ෂාවත් සමග එම දිස්ත‍්‍රික්ක වල නාය යාම්, කණ්ඩි කඩා වැටීම් හා ගල් පෙරලීම් වැනි ආපදා තත්වයන් සිදු විය හැකි බවයි එහි දැක්වෙන්නේ.
කදුකර ප‍්‍රදේශයෙන් මඩ ජලය ගලා ඒම, භූමිය හා බිත්ති ඉරි තැලීම, ගස් හෝ කණු ඇද වීම නාය යාමක මූලික ලක්ෂණ වනවා.
එම ලක්ෂණ දුටු වහාම හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දී සිටිනවා.
සැප්තැම්බර් 7 | ප.ව. 2.00