News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
12

ලංකාවේ දිස්ත්‍රික්ක 4 ක් ළගදීම කාන්තාර වෙනවා – විද්‍යාඥයෝ ජනපතිට දන්වයි.

7425 Views


ලංකාවේ දිස්ත්‍රික්ක 4 ක් ළගදීම කාන්තාර වෙනවා – විද්‍යාඥයෝ ජනපතිට දන්වයි.

අත්තා, මුත්තා කාලේවත් අහපු නැති දේවල් තමයි දැන් වෙන්නෙ. “ලංකාවේ කාන්තාර ඇති වෙන්න යනවා”, අපිට ලැබුන අලුත්ම ආරංචිය තමයි මේ. පුදුම වෙන්න දෙයක් නෑ. කතාව ඇත්ත. ලෝක කාලගුණ විපර්යාස වලින් ලංකාවට වෙන හානිය බලන්න පත් කරපු කාලගුණ විද්‍යා විශේෂඥය කණ්ඩායම තමයි මෙහෙම කියන්නෙ.

ඔවුන් කියන විදියට ඉස්සරහට දිස්ත්‍රික්ක 4 ක මාස 2 ක විතර කාලයක් අර්ධ කාන්තාර දේශගුණික තත්වයක් ඇති වෙනවා. අනුරාධපුරය, පොලොන්නරුව, පුත්තලම සහ කුරුණෑගල තමයි මේ අර්ධ කාන්තාර තත්වය ඇති වෙන්නෙ. මේ ගැන වාර්තාවක් ජනාධිපතිතුමාටත් දීලා තියෙනවා. රජයත් මේ වෙද්දී රට කාන්තාරයක් නොවී බේර ගන්න සැලසුම් හදනවලු.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා මේ විපර්යාසය ඇති වෙනවා කියලයි විශේෂඥ කණ්ඩායම කියන්නෙ. ඒ වුනත් අපේ රටේ තිබ්බ ගස් ටික කපන්නේ නැතුව තිබ්බ නම් ලෝකේ කොච්චර රත් වුනත් ලංකාවේ අපිට කූල් එකේ ඉන්න තිබ්බා.


News Articles
Latest Videos
Most Popular Post