News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
15

හෙට ලංකාවේ කාලගුණය මෙහෙමයි.

6953 Views


හෙට ලංකාවේ කාලගුණය මෙහෙමයි.

පහුගිය දවස් කිහිපයේම ලංකාවේ තැන් තැන් වලට ලොකු වැස්සක් වැස්සා. ඒ නිසා සමහර ප්‍රදේශ වලට සුළු ගංවතුර තත්වයකුත් ඇති වුණා. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ඉදිරි පැය 24 ඇතුලෙදි ලංකාවේ කාලගුණය මොන වගේ වෙයිද කියලා තියෙනවා.

ඔවුන් කියන විදියට හෙට ඉදන් ලංකාව වටේ මුහුදු තීරයේ සුළගේ වේගය වැඩි වෙන්න පුළුවන්. පුත්තලම ඉදන් කොළඹට වෙනකන් සහ ගාල්ලේ ඉදන් මාතරට වෙනකන් වෙරල තිරයෙන් ඔබ්බට වෙන මුහුදු ප්‍රදේශ වලට තරමක වැස්සක් වැටෙන්නත් පුළුවන්. ඒ හින්දා මුහුදු යන අය පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. හෙට හුළං හමන්නෙ නිරිත දිශාවෙන්. පැයට කිලෝමීටර් 30 ත් 40 අතර වේගයකින් හෙට හුළං හමනවා කියලයි කාලගුණය කියන්නෙ.

පුත්තලම ඉදන් කන්කසන්තුරය හරහා තිකුණාමලය වෙනකන් සහ හම්බන්තොට ඉදන් පොතුවිල් වෙනකන් වෙරළට ඔබ්බෙන් වෙන මුහුදු ප්‍රදේශයේ හුළගේ වේගය පැයට කිලෝමීටර් 55 – 60 දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒ මුහුදු ප්‍රදේශ සරි සැරේට රළු වෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post