News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
18

කිඹුලන් සොයා දියවන්නාවේ මෙහෙයුමක්…

4894 Views


කිඹුලන් සොයා දියවන්නාවේ මෙහෙයුමක්…

දැනට ජීවත්වෙලා ඉන්න භයානකම උරග ජීවීන් අතරෙන් එක්කෙනෙක් තමයි කිඹුලා කියන්නෙ. වාර්තා වෙලා තියෙන විදිහට ලංකාවේ ගොඩාක් ගංගා ආශ්‍රිතව ගොඩාක් දරුණු විදිහට මේ කිඹුල් උවදුර පැතිරිලා තියෙනවා. පහුගිය කාලේ ඇති වුන ගං වතුර තත්වයත් එක්ක මේ කිඹුල්ලු ජනගත ප්‍රදේශවලටත් ආවා.

මේ වගේ ආපු තවත් කිඹුලන් කිහිපදෙනෙක් දියවන්නා වැවට ඇවිත් කියලා දියවන්නාව පැත්තෙන් ආරංචි වෙනවා. ඉතින් පාර්ලිමෙන්තුව අවට දියවන්නා ඔයේ කිඹුල්ලු ගැන හොයන්න වනජීවී නිළධාරින් කණ්ඩායමක් යොදවලා. මිනිස් ජීවිත වලට ලොකු තර්ජනයක් වෙන ආකරයට කිඹුල්ලු ඉන්නවනම් උන් ඉවත් කරන වැඩේ තමයි මේ වන වනජීවී නිළධාරින් කරන්නෙ. ඒ වගේම කැළණි ගගේ හිටපු කිඹුල්ලු කිහිපදෙනෙකුත් මේ විදිහට පහුගිය දවසක ඉවත් කරලා තියෙනවා.

මේ කිඹුල් බය නිසා දියවන්නාවේ නාන එකත් දැන් ජනතාව නවත්තලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post