දෙහිවල සත්තු වෙත්තේ විශේෂ කලාපයක් රෑට බලන්න එන අයට සතියකට දවස් තුනක් විවෘත කරලා තියන්න තීරණය කරලා තියනවා. ඒ දවස් තුන වෙන්නෙ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා.
සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය කිව්වෙ සැප්තැම්බර් 22 වෙනිදා ඉඳලා රෑ 7.30 සිට 10.00 වෙනකන් මේ විශේෂ කලාපය විවෘත කරලා තියනවා කියලා. දවල් කාලයට සත්තු වත්තෙ විවෘත කරලා තියෙන කලාප මේකට ඇතුලත් වෙන්නෙ නැහැ. රෑට ක්‍රියාශීලී වෙන සහ නිශාචර සත්තු ඉන්න කලාප විතරයි මේ වැඩපිළිවෙලට ඇතුලත් වෙන්නෙ.
එත් මේ වෙලාවට Flasher එක්ක සත්තුන්ගෙ Photo ගන්න එක වගේම, සත්තුන්ගෙ නිදහසට බාධා වෙන විදිහට හැසීරීම තහනම් කියලා තමයි වනජීවී අමාත්‍යාංශය කියන්නෙ. ඒ විදිහට හැසිරෙන නරඹන්නන්ගෙන් දඩ මුදලක් අය කරන්න නියමිත වෙලා තියෙනවා.
මේ අලුත් වෙලාවල් නිසා, සත්තුන්ගේ රාත්‍රී කාලයේ චර්යා රටා බලන්න පුළුවන්, දකුණු ආසියාවේ තියෙන එකම ස්ථානය දෙහිවල සත්තුවත්ත බවට පත් වෙනවා.