ලබන අවුරුද්දේ ජනවාරි වල පුංචි ජන්දය තියන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා කියල මැතිවරණ කොමසාරිස් කියනවා. ඉතින් මේ පුංචි ජන්දෙට සුපිරි චරිත ඉදිරිපත් කරන්න ගොඩක් දේශපාලන පක්ෂ මේ දවස්වල ලක ලෑස්ති වෙනවා. මේ තියෙන්නේ ඊළඟ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියල ප්‍රසිද්ධ වුන ප්‍රසිද්ධ අයගේ නම් ලැයිස්තුව. මේ අය තරඟ කරන්න ලෑස්ති වෙන්නේ උතුරුමැද, සබරගමුව, නැගෙනහිර යන පළාත් වලින් කියලයි අපිට ආරංචි වුනේ.
1. හේෂා විතානගේ (සබරගමුව)
2. පේෂල ජයරත්න (උතුරු මැද )
3. රූකාන්ත ගුණතිලක (කෑගල්ල)
4. කරුණාරත්න දිවුල්ගනේ (උතුරු මැද )
5. රොෂාන් රණසිංහ (උතුරු මැද )
6. දයා ගමගේ (නැගෙනහිර)
7. S .M චන්ද්‍රසේන (උතුරු මැද )
8. කාංචන ජයරත්න (සබරගමුව)
එක්සත් ජාතික පක්ෂය තුලින් ලැබී ඇති ආරාධනයකට අනුව එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා තරඟවැදීමට නියමිත වෙලා තියෙනවා. හැබැයි රූකාන්ත කියන්නේ දේශපාලනයට අලුත් කෙනක්.
ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ යටතේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් හිටපු ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක තරංග පරණවිතාන මහතා කෑගල්ල දිස්ත්‍රික්කයට තරඟ වැදීමට නියමිත වෙලා තියෙනවා. එයාත් දේශපාලනයට අලුත් කෙනක්.
මේ වෙනකොට පළාත් සභා රැසකටම ප්‍රවීන චරිත රැසක් ඉදිරිපත්වන බවට ආරංචි ලැබෙමින් පවතිනවා. ඒ අතර සබරගමු පළාත් සභා මැතිවරණය ඉහත තත්ත්වය හමුවේ උණුසම් තත්වයක් ගනීවි කියලා දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන්කර සිටිනවා. කොහොම වුනත් රටේම ආදරය දිනාගත්ත සහ ජනප්‍රිය චරිත මේ වැඩේට අරගෙන තමන්ගේ පක්ෂය ගොඩ දාගන්න සමහර දේශපාලන පක්ෂය පුරුදු වැඩේ කරනවා කියල තවත් කට්ටිය චෝදනා කරනවා. කොහොම වුනත් දේශපාලනයට පුරුදු කාරයෝ එක්ක අලුත් අයට දිනන්න තියෙන එකම බලාපොරොත්තුව නම් එයාලගේ ජනප්‍රියත්වය විතරයි.