කොටහේන අලුත් පාර අද (22) රෑ 9 ඉඳන් ලබන 25 වැනිදා වෙනකන් වහනවා කියලා පොලීසිය කියනවා. ජලනල එළීමේ ව්‍යාපෘතියක් මේ වෙන කොට ඒ පාරේ ආරම්භ කරලා තියෙන නිසා තමයි මේ විදිහට පාර වහන්නෙ.
විකල්ප පාරවල් විදිහට පහතින් තියෙන පාරවල් දෙක ඔබට පාවිච්චි කරන්න පුළුවන්.
1) කොටුව ඉඳන් කොච්චිකඩේ සිට එන රථවාහන, හෙට්ටියාවත්ත හන්දියෙන් දකුණට හරවලා ජෝර්ජ් ආර් ද සිල්වා මාවත හරහා ගිහින් බ්ලූමැන්ඩල් හන්දියෙන් වමට හරවලා බ්ලුමැන්ඩල් පාරේ ගමන් කරලා බෝධිය හන්දියෙන් මාදම්පිටිය මාර්ගයට හරි ශාන්ත ජේම්ස් පාරට ඇවිත් අලුත් මාවතට එන්න පුළුවන්.
2) එහෙම නැත්නම් මට්ටක්කුලිය පැත්තෙ ඉඳලා එන රථවාහන මාදම්පිටිය පාරට හරි ශාන්ත ජේම්ස් පාරෙන් බෝධිය හන්දියට ගිහින් බ්ලුමැන්ඩල් පාර හරහා ජෝර්ජ් ආර් ද සිල්වා මාවතට ඇවිත් හෙට්ටියාවත්ත හන්දියට යන්න පුළුවන්.