News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
24

මේ දවස් දෙකේ වැස්ස වැඩි වෙනවා. – කාළගුණෙන් අනතුරු ඇඟවීමක්…

1890 Views


මේ දවස් දෙකේ වැස්ස වැඩි වෙනවා. – කාළගුණෙන් අනතුරු ඇඟවීමක්…

හෙට සහ අනිද්දා (සැප්තැම්බර් 25 /26) දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ සුලු වැඩිවීමක් වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ , මොණරාගල සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවලත්, පොතුවිල් ප‍්‍රදේශයේත්, සැරින් සැරේ තරමක තද සුළං අපේක්ෂා කරන්න පුළුවන් බව.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, කොළඹ, කලූතර, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් මද වැසි ඇති විය හැකි වෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඔබට කියන්නේ අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්න කියල.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර 50 දක්වා වැඩි වෙන්න පුළුවන් නිසා ඒ මුහුදු ප‍්‍රදේශ රළු වෙන්න පුළුවන්. ඒ නිසා ධීවර හා නාවික ප‍්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු වෙනවා.

(සැප්තැම්බර් 24)


News Articles
Latest Videos
Most Popular Post