News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

කෝච්චි Strike නිසා බස් එකේ යන්න වෙයිද ?

5566 Views


කෝච්චි Strike නිසා බස් එකේ යන්න වෙයිද ?

දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. එත් දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ දුම්රිය කිහිපයක් මේ වෙද්දී ධාවනයට යොදවලා තියෙනවා කියලයි.

ගාල්ල, මහව, පොල්ගහවෙල, කුරුණෑගල, පානදුර, අවිස්සාවේල්ල, යන දුම්රිය ස්ථාන වල සිට කොටුව දක්වා දුම්රිය ගමන්වාර කිහිපයක් තියෙනවා කියලා තමයි දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ. එත් සියලු දුම්රිය ධාවනය කරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා කියල, ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා කියනවා. දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් පටන් ගත්ත හදිසි වැඩ වර්ජනය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකරන බව ඒ මහතා වැඩි දුරටත් කිව්වා.

කොහොම වුනත් පීඩාවට පත් වුන ජනතාවට ගම් බිම් බලා යාමට බස් රථ 10 ක් විතර යොදවන්න සිදු වුනා කියලා දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර ප‍්‍රවාහන අමාත්‍යාංශය වර්ජනයට මුහුණ දීම සම්බන්ධයෙන් අද සාකච්ඡාවක් පවත්වනවා කියලා ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කියනවා. එත් මේකට වෘත්තීය සමිති වලට ආරාධනා කර නොමැති බව තමයි වැඩි දුරටත් කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post