රත්නපුර ශ්‍රී බුද්ධජයන්ති ඉස්කෝලෙට වුරුදු 65 ක් ලබන මාසේ 03 වෙනිදට සපිරෙනවා. ඉතින් ඒ වෙනුවෙන් පාසලේ ආදිශිෂ්‍ය සංගමය, පාසල වෙනුවෙන් විවිධ වැඩසටහන් රාශියක් කරන්න සැලසුම් කරලා. මේ බව ඒ ඉස්කෝලේ දැනට ඉන්න සිසුන් සහ ආදිශිෂ්‍යයන්ව දැනුවත් කරන්න අලුත්ම වැඩකට ඔවුන් අතගහලා තියෙනවා. ඒ තමයි පාසලේ 65 වන සංවත්රයට සමගාමීව Facebook එකේ Profile Picture එකට Frame එකක් නිර්මාණය කරමින්. මේ Profile Frame එක ඔවුන් හඳුන්වා දුන්නේ ගිය සතියේ සිකුරාදා. මේ Profile Frame එක දවස් දෙකක් යද්දී ඉස්කෝලේ සිසුන් සහ ආදිශිෂ්‍යයන් 1500 ක් දෙනා දාගෙන තියෙනවා.
ඉතින් මේ වෙනකොට මේ වැඩේ රැල්ලක් බවට පත්වෙලා තියෙනවා කියල තමයි පාසලේ ආදිශිෂ්‍යයෙක් සියත 24 වෙත සඳහන් කලේ. කොහොම වුනත් ඔවුන් කියන්නේ මේ වැඩේ වගේම ඔවුන් පාසලේ 65 වන සංවත්සරයට සංවිධානය කරපු ඉතුරු වැඩසටහන් ටිකත් මේ විදිහටම රැල්ලක් වෙයි කියලා.