පවතින වැසි තත්වය හේතුවෙන් තව දුරටත් දිස්ත්‍රික්ක දෙකකට නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කිව්වේ රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා එම නාය යාමේ අවදානම ක්‍රියාත්මක බව.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා ඒ අවට ප්‍රදේශ වලටත් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා ඒ අවට ප්‍රදේශ වල ජනතාවත් අවධානයෙන් ඉන්න ඕන කියලයි.
නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් සහ කලූ ගඟ මිල්ල කන්ද, පරදුව ප්‍රදේශ සුළු ගංවතුර තත්වයක් ඇති වෙලා තිබෙනවා.
බද්දේගම, මුණමලේ සහ රත්නපුර යන ප්‍රදේශවල ගංවතුර අවධානමක් තියෙන නිසා ඒ ආශ්‍රිත ඉන්න අය අවධානයෙන් ඉන්න ඕන.
ජාතිකආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කිව්වේ අවදානම පහව ගොස් නැති නිසා, ත්‍රිවිද හමුදාව සහ පොලිසිය පැය 24 පුරා සූදානමින් ඉන්නවා කියලා.
මේ අතර දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ තියෙන වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරි දවස් වල අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
කලූතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට ලිමීටර 75 ත් 100 ත් අතර තද වැසි ඇති විය හැකි වනවා. ගතවූ පැය 24 තුළඋපරිම වර්ෂාපතනය වාර්තා වුනේ නුවර එළිය, මාවුස්සාකැලේ ප්‍රදේශයෙන් වන අතර එය මිලිමීටර 102 යි දශම 3ක් වුනා.