News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
16

ප්‍රදේශ කිහිපයක නාය යෑම්, අද හෙටත් අවධානම්. කාලගුණයේ අලුත්ම තත්වය මෙන්න.

3078 Views


ප්‍රදේශ කිහිපයක නාය යෑම්, අද හෙටත් අවධානම්. කාලගුණයේ අලුත්ම තත්වය මෙන්න.

නිිවිතිගල කලවාන මාර්ගයේ පිංකන්ද ප‍්‍රදේශයේ නායයාමක් හේතුවෙන් එම මාර්ගය සම්පූරණයෙන් අවහිර වෙලා. පොලීසිය ජනතාවට කියන්නේ විකල්ප මාර්ග අනුගමනය කරන්න කියලා. ඒ අනුව හංගමුව හා පලාවෙල පාර භාවිතා කරන්න පුළුවන්.

මේ අතර හැටන් පොලිස් වසමේ කුඩාගම ප‍්‍රදේශයේ නිවසක් පිටුපසට කණ්ඩියක් කඩා වැටීමෙන් ඒ නිවසට හානි සිදුවෙලා. නාය යාමෙන් හානියක් වෙලා නෑ.පදිංචිව සිටි පුද්ගලයන් නිවසෙන් ඉවත්කර කියල පොලිසිය කිව්වා.

නාය යාමේ අවධානමක් නිසා හැටන් සමණලගම ප‍්‍රදේශයේ පවුල් දොළහකට ගෙවල් වලින් අයින් වෙන්න කියලා ඊයේ දැනුමි දීලා තිබුණා.

මේ අතර දිවයිනට බලපාන වැසි තත්වය නිසා තව දුරටත් දිස්ත‍්‍රික්ක 6කට නාය යාමේ අනතුරු ඇගවීම් ක‍්‍රියාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කිව්වේ රත්නපුර, මාතර, ගාල්ල, කලූතර, කෑගල්ල සහ නුවරඑළිය යන දිස්ත‍්‍රික්ක සදහා එම නායයාමේ අවදානම ක‍්‍රියාත්මකයි කියලා.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ඕපනායක, ඉඹුල්පෙ, බලංගොඩ, කහවත්ත, පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට, ඇලපාත, අයගම, කිරිඇල්ල සහ කොළොන්න යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ජනතාව අවධානයෙන් පසුවිය යුතු වනවා.

මාතර දිස්ත‍්‍රික්කයේ කොටපොල සහ පිටබැද්දර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශත්, ගාල්ල දිස්ත‍්‍රික්කයේ තවලම, නියාගම, නාගොඩ සහ යක්කලමුල්ල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශත් නාය යාමේ අවදානම් කලාප අතරට අයත් වනවා.

කලූතර දිස්ත‍්‍රික්කයේ වලල්ලාවිට සහ පාලින්ද නුවර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යටියන්තොට හා බුලත්කොහුපිටිය වගේම නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ අඹගමුව කෝරලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද නායයාමේ අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

මේ අතර ගිං ගඟ සහ කලූගඟේ ජල මට්ටම් තව දුරටත් ඉහළ යමින් පවතිනවා. ගිංගඟේ ජල මට්ටම බද්දේගම ප‍්‍රදේශයෙන් සහ කලූගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් පිටාර ගිහින් තියෙනවා කියල තමයි ජාතික ආපදා කළමණාකරණ කිව්වේ. නිල්වලා ගඟ පානදුගම ප‍්‍රදේශයෙන් සුලූ ගංවතුර තත්වයක් දක්වා වර්ධනය වුනත් මේ වෙනකොට ගංවතුර බැස යමින් තියෙනවා කියලා එම මධ්‍යස්ථානය පැවසුවා.

ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා කිව්වේ හදිසි අවස්ථාවන් සඳහා ති‍්‍රවිධ හමුදාව සහ පොලිස් නිලධාරීන් පැය 24 පුරා සූදානමින් ඉන්නනා කියලයි..

දිවයිනේ ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති කැළඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව කිව්වේ එය තවදුරටත් අඩු පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරවා කියලයි.

ඒ අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යමසහ උතුරු පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. සබරගමුව, සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ත් 100 ත් අතර තද වැසි ඇති වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post