News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

යාපනය දුම්රිය මාර්ගය ආයෙත් වැසෙයි.

2154 Views


යාපනය දුම්රිය මාර්ගය ආයෙත් වැසෙයි.

යාපනය සහ නාවක්කුලිය දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය හෙට සිට තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියනවා. ඒ එම දුම්රිය ස්ථාන 02 අතර පිහිටි පාලමක අලූත්වැඩියා කටයුත්තක් නිසා. ලබන 27 වනදා එම අලූත්වැඩියා කටයුතු අවසන් වෙනකම් මේ විදියට යාපනය සහ නාවක්කුලිය දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවනවා.

හැබැයි ඒ නිසා දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාව වළක්වන්න විශේෂ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරනවා කියලා දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරා. ඒ අනුව හෙට ඉදන් ලබන 27 වනදා වෙනකන් ඒ දුම්රිය ස්ථාන අතර විශේෂ බස් රථ සේවාවක් ක‍්‍රියාත්මක කරන්න ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු යොදලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post