යාපනය,නුනාවිල් ප‍්‍රදේශයේ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනායි. ඔවුන් 37 සහ 33 හැවිරිදි වියේ පසුවනවා.
මේ අතර කටුගස්තොට ප‍්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. නුගවෙල ප‍්‍රදේශයේදී යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. අනතුරෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක පුද්ගලයෙක්.
තලවාකැලේ ප‍්‍රදේශයේදී ති‍්‍රරෝද රථයක් ඉහළ කොත්මලේ ජලාශයට පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඔවුන් ලිඳුල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා නුවරඑළිය මුලික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි පොලීසිය පැවසුවේ. ඉහළ කොත්මලේ ජලාශයට ති‍්‍රරෝද රථය පෙරළි ඇත්තේ තලවාකැලේ පූඩළු ඔය ප‍්‍රධාන මාර්ගයේ අඩි අසුවක් පමණ ඉහළින්. එහි රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. අනතුරෙන් තුවාල ලැබු දෙදෙනා මහනුවර වත්තේගම ප‍්‍රදේශයේ සිට තලවාකැලේ හොලි රූඩි ප‍්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වු දෙදෙනෙක්.