News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

සුඛෝපභෝගී වාහන සඳහා බදු ගෙවීමට ලබාදී ඇති සහන කාලය ලබන 30 වනදායින් අවසන්.

1549 Views


සුඛෝපභෝගී වාහන සඳහා බදු ගෙවීමට ලබාදී ඇති සහන කාලය ලබන 30 වනදායින් අවසන්.

බදු මුදල් නොගෙවූ සුඛෝපභෝගී වාහන සඳහා ලබාදී ඇති සහන කාලය ලබන 30 වනදායින් අවසන් වන බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජෙනරාල්, ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, සහන කාලයෙන් අනතුරුව බදු මුදලින් 50% ක් දඩ වශයෙන් අය කරන බවයි.

පසුගිය සැප්තැම්බර් මස පළමු වන දා සිට ලබාදී තිබු මෙම සහන කාලය මගින් බදු නොගෙවූ වාහන සඳහා අය කරන දඩ මුදල 5% ක් දක්වා අඩු කිරීමට පියවර ගැනුණා.

එන්ජින් ධාරිතාව 2,000ට ඉහළ පෙට‍්‍රල් වාහන සහ එන්ජින් ධාරිතාව 2,500 ඉක්මවන ඞීසල් වාහන සුඛෝපභෝගී වාහන කාණ්ඩයට ඇතුළත් වනවා. අර්ධ සුඛෝපභෝගී වාහන කාණ්ඩයට අයත් වන්නේ, එන්ජින් ධාරිතාව 1,800 ඉක්මවන පෙට‍්‍රල් වාහන සහ එන්ජින් ධාරිතාව 2,201 ඉක්මවන ඞීසල් වාහනයි.


News Articles
Latest Videos
Most Popular Post