News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

මැතිවරණයේ පෙත්සම 30 වනදා කැඳවන්නැයි මෝසමක්.

1487 Views


මැතිවරණයේ පෙත්සම 30 වනදා කැඳවන්නැයි මෝසමක්.

පළාත් පාලන ආයතනවල සීමා නීර්ණය පිළිබඳ ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක කිරීම අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කළ නඩුව මෙම මස 30 දා යළි කැඳවන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

නීතිපතිවරයා විසින් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ අභියාචනාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින්.

පළාත් පාලන ආයතන 93ක් සඳහා ඡන්දය පැවැත්වීමට සැළසුම් කර ඇති බවත්,එම තහනම් නියෝගය හේතුවෙන් පළාත් පාලන ආයතන රැසක ඡන්දය පැවැත්වීමට නොහැකි බව එහි දැක්වෙනවා.

ඒ මඟින් ජනතාවගේ ඡන්දය අයිතියට බලපෑමක් වන බවයි අවධාරණය කර ඇත්තේ.

පළාත් පාලන ආයතනවල සීමා නිර්ණයට අදාළව අමාත්‍ය ෆයසිර් මුස්තාෆා මහතා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක‍්‍රියාත්මක කිරීම ,දෙසැම්බර් මස 4 දින දක්වා වලක්වාලමින් අභියාචනාධිකරණය පසුගිය දා තහනම් නියෝගයක් නිකුත් කලා.


News Articles
Latest Videos
Most Popular Post