කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා සිය දෙවන ධූර කාලය සදහා අද දිව්රුම් දීමට නියමිතව තිබෙනවා. ඒ, එරට නයිරෝබි අගනුවරදීයි. ඒ වෙනුවෙන් නයිරෝබි නුවර ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.එම අවස්ථාවට කෙන්යා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් 20 දෙනෙකු සහභාගී වීමට නියමිතයි.
ජනාධිපති උහුරු කෙන්යාටාගේ දිව්රුම් දීමට විරෝධය පළ කරමින් කෙන්යානු විපක්ෂ නායක රයිලා ඔඩෙන්ගා අද විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය අගෝස්තු මාසයේ පැවති කෙන්යා ජනාධිපතිවරණයෙන් උහුරු කෙන්යාටා ජයගත්තා. නමුත්, එය නීතිවිරෝධී සහ අවිධිමත් බවට පවසමින්, ප‍්‍රථිඵල අවලංගු කිරීමටයි, එරට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගනු ලැබුවේ.
ප‍්‍රථිඵල අවලංගු කිරීමත් සමග අගෝස්තු මාසයේ සිට මේ දක්වා මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් පුද්ගලයින් 70 දෙනෙකු මියගියා. මතභේදයට තුඩු දුන් කෙන්යානු ජනාධිපතිවරණයේ දෙවනවර ඡන්ද ප‍්‍රකාශ කිරීම සිදු වුණේ පසුගිය ඔක්තෝම්බර් මස 26 වනදායි. එම ඡන්ද විමසීමෙන් ද බහුතර බලයක් ලබාගෙන යළි කෙන්යානු ජනපති ලෙස තේරී පත් වීමට උහුරු කෙන්යාටා සමත් වුණා.
2017/11/28 | SIYATHA FM TOP STORY – 10:00 AM