News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
28

ජනපති දකුණු කොරියාවට ළඟා වෙයි.

1533 Views


ජනපති දකුණු කොරියාවට ළඟා වෙයි.

තෙදින නිල සංචාරයක් සඳහා දකුණු කොරියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඇතුළු දුත පිරිස අද අලූයම සෝල් නුවර ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වුණා. එහිදී ජනාධිපතිතුමා ඉතා උත්කර්ෂවත් අන්දමින් පිළිගැනීමටයි දකුණු කොරියානු රජය කටයුතු කළේ. එරට උප විදේශ අමාත්‍යවරයා, ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රධානීවරයා ඇතුළු එරට රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
අනතුරුව ජනාධිපතිතුමා නවාතැන් ගන්නා සෝල් නුවර හෝටලයේදී ද ජනාධිපතිතුමා වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණේ එරට ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් විසින්.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හා දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් මහතා අතර නිල හමුව හෙට සිදුවනවා. එහිදි දෙරට අතර සහයෝගීතාවය ඉහල නැංවෙන ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතයි. ශ‍්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර ඉතා ඉහළ සබඳතාවක් පවත්නා මෙම අවස්ථාවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙම සංචාරය ඉතා සුවිශේෂී බව දකුණු කොරියානු පුවත්පත් අද වාර්තා කර තිබුණා.

දකුණු කොරියානු අර්ධද්වීපයේ අර්බුදකාරී වාතාවරණය තුළ ශ‍්‍රී ලංකාව විසින් ලබාදුන් සහාය පිළිබඳවද එම පුවත්පත් මගින් කෘතවේදීත්වය පළකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. ශ‍්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ආරම්භ කර වසර 40ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ මෙම සංචාරය සිදුවන්නේ, දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් මහතාගේ ආරාධනයකට අනුවයි.

2017/11/28 | SIYATHA FM TOP STORY – 11:00 AM


News Articles
Latest Videos
Most Popular Post