News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

ආවා කල්ලියේ තවත් සාමාජිකයෙකු අත්අඩංගුවට.

1580 Views


ආවා කල්ලියේ තවත් සාමාජිකයෙකු අත්අඩංගුවට.

යාපනයේ ක‍්‍රියාත්මක ආවා නැමැති කල්ලියේ තවත් සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොකුවිල් පොලීසිය විසින් ඊයේ සිදු කල පරීක්ෂා කිරීමකදීයි.

මෙලෙස අත්අඩංගුවට පත් වුනේ 17 හැවිරිදි කොකුවිල් ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙක්. සැකකරු සතුව තිබී පහර දීම් සඳහා යොදා ගත් කඩුවක් ද සොයා ගෙන තිබෙනවා.

ආවා කල්ලියේ සැකකරුවන් පිලිබඳ ලැබෙන තොරතුරු මත මේ වන විට අදාල ක්ෂණික මෙහෙයුම් සිදු වනවා. ආවා කල්ලියේ සාමාජිකයින් සොයා සිදු කරන මෙහෙයුම් මේ වන විට පුළුල් කර ඇති බවයි යාපනය ප‍්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දු මහතා සදහන් කලේ.

ආවා කල්ලිය පාලනය සඳහා සියලූ කි‍්‍රයාමාර්ග ගෙන ඇති බව ඔහු පැවසුවා. ඒ සඳහා යාපනය ප‍්‍රදේශයේ විශේෂ වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මකයි. සෝදිසි කිරීමේ මෙහෙයුම් හා හදිසි මාර්ග බාධක පරීක්ෂා කිරීම් ඒ අතර වනවා.

 

 

2017/11/29 | SIYATHA FM TOP STORY – 10:00 AM


News Articles
Latest Videos
Most Popular Post