News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

ජනපති දකුණු කොරියානු ජනපති හමුවෙයි.

1508 Views


ජනපති දකුණු කොරියානු ජනපති හමුවෙයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කොරියානු සංචාරය දෙරට අතර ශක්තිමත් සබදතාවයක ස්ථිර පදනම සකසන බව දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් පවසනවා. දකුණු කොරියානු ජනාධිපතිවරයා මේබව ප‍්‍රකාශ කලේ අද සෝල් නුවර බ්ලූ හවුස් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදිි.

අදින් ඇරඹි ශ‍්‍රි ලංකා දකුණු කොරියානු මිත‍්‍රත්වයේ කීර්තිමත් පරිච්ඡේදය දෙරටටම ප‍්‍රතිලාභ රැසක් උදා කරන බවද ඔහු සදහන් කලා.
දකුණු කොරියානු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කලේ සමඅත්දැකීම් ඇති රටවල් දිත්වයක් ලෙස සෑම අතින්ම සබදතාවයන් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව පවතින බවයි. මෙම හමුවෙන් අනතුරුව දෙරට අතර සහයෝගිතා ගිවිසුම් 5 කට අත්සන් තැබීමද සිදු කෙරුණා. රැකියා බලපත‍්‍ර ක‍්‍රමය, ආයෝජන සහයෝගිතාවය, සංස්කෘතික, කලා, අධයාපන, තරුණ හා ක‍්‍රිඩා යන අංශ යටතේ එම ගිවිසුම් අත්සන් තැබුණා.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා රාජ්‍ය තාන්ත‍්‍රික සංචාරයක් සදහා දකුණු කොරියාව බලා පිටත්ව ගියේ පසුගිය 27 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post