වර්ෂාවත් සමග රථ වාහන ධාවනයේ දී සැළකිලිමත් විය යුතු බව පොලීසිය පවසනවා. මාර්ග ලිස්සන සුලූ බැවින් සෙමින් රිය ධාවනය කරන ලෙයසි පොලීසිය දැනුම් දී සිටින්නේ.
අධිවේගී මාර්ග වල රිය ධාවනයේ දී පැයට කිලෝ මීටර 60 ක උපරිම වේග සීමාවක් පවත්වාගෙන යා යුතුයි. එමෙන්ම හැටන් ඇතුලු කඳුකර ප‍්‍රදේශ වල මීදුම් තත්වයන් ද වාර්තා වන බැවින් ඉදිරිපස ලාම්පු දල්වාගෙන රිය ධාවනය කරන ලෙසයි පොලීසිය සදහන් කලේ.
මේ අතර දිවයින අවට පැවති ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම අද සිට ක‍්‍රමයෙන් අඩුවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනේ බස්නාහිර දෙසින් ආරාබි මුහුදු ප‍්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය කොළඹ සිට කිලෝමීටර 600ක් පමණ බස්නාහිර දෙසින් පවතින බවයි. එය මේ වන විට දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතිනවා.
කෙසේවෙතත් උතුර ඌව දකුණ බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත් වල තවදුරටත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. බස්නාහිර සහ දකුණු මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප‍්‍රදේශ වල තද වැසිද අපේක්ෂා කෙරෙනවා. ධීවර හා නාවික ප‍්‍රජාව මේ පිලිබඳ සැළකිලිමත් විය යුතුයි.
2017/12/01 | SIYATHA FM TOP STORY – 09:00 AM